ලංකා සතොසේ ඉහළ පෙළ නිලධාරියෙකු අත්අඩංගුවට

ලංකා සතොසේ ඉහළ පෙළ නිලධාරියෙකු අත්අඩංගුවට

by Staff writer 15-01-2019 | 12:24 PM
COLOMBO (News 1st) : කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කොට ලංකා සතොස ආයතනයේ සේවය කළ ඉහළ නිලධාරියෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. රජයේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙකු සඳහන් කළේ, සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ලංකා සතොස ආයතනයේ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ සැකකරු තමන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බව ප්‍රකාශ කර මෙම තනතුරට පත්ව තිබේ. ඒ සඳහා ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇතැයි, රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ ආකාරයෙන් කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කර සතොස ආයතනයේ ඉහළ තනතුරුවල සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බවයි. සැකකාර එම නිලධාරීන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් සහ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරුන් ලෙස ලංකා සතොස ආයතනයේ කටයුතු කරනු ලැබු අය බව ද, එම නිලධාරීයා තහවුරු කළේ ය. මෙම සැකකාර නිලධාරීන් අතුරින් නිලධාරීන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මගින් සිය උපාධිය ලබා ගත් බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇතැයි ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.