ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න හෝ සංශෝධනයට මේක වෙලාව නෙමෙයි, ජනපතිව හා අගමැතිව ගෙන්නලා පැහැදිලි කරන්න - මැදගොඩ අභයතිස්ස හිමි මල්වතු මහ නාහිමියන්ගෙන් ඉල්ලයි

by Staff writer 15-01-2019 | 9:17 PM
COLOMBO (News 1st) - රට හරි මගට ගැනීම සඳහා වන ලංකාවේ ජාතික සංවිධාන එකමුතුව අද මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණියේ ය. දළදා සමිඳුන් අභියසදී සංදේශයකට අත්සන් ලබා ගැනීම ආරම්භ කළ එම සංවිධානයේ සාමාජිකයෝ පසුව සඳහන් කරුණු ප්‍රකාශට පත් කිරීමෙන් අනතුරුව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් බැහැ දැකීමට පැමිණියහ. පිරිස පැමිණියේ පූර්ව දැනුම් දීමකින් තොරව ය. කෙසේ වෙතත් මහ නාහිමියන් සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දී තිබිණි. එහිදී උන්වහන්සේ පුවත්පතක පළ වූ ලිපියක් කෙරෙහි අවධානය යොමු කළේ ය. පසුව ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් බැහැ දැක නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ඇති විරෝධය පෙන්වා දුන්හ.