ලොස් ඇන්ජලීස් ගුරුවරුන් විරෝධතාවල

ලොස් ඇන්ජලීස් ගුරුවරුන් විරෝධතාවල

by Staff writer 15-01-2019 | 9:27 AM
COLOMBO (News 1st) : වැටුප් වර්ධකයක් ඉල්ලා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ගුරුවරු රැසක් විරෝධතාවල නිරතව සිටිති. ලොස් ඇන්ජලීස් නුවර සැලකෙන්නේ අමෙරිකාවේ දෙවන විශාලතම පාසල් පද්ධතිය සහිත නගරය ලෙසයි . මේ හමුවේ ලොස් ඇන්ජලීස් නුවර විශ්වවිද්‍යාල 900 ක සිසුන් 640 000 කගේ පමණ අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ. එම ගුරුවරුන්ගේ වෘත්තීය සමිති පවසන්නේ 6 .5 %ක වැටුප් වර්ධකයක් අවැසි බවයි. විශ්වවිද්‍යාල වෙත තවත් පුස්තකාලයාධිපතිවරුන්, උපදේශකයින්   සහ හෙදියන් බඳවාගන්නා ලෙසත් , විභාග පැවැත්වීම සීමා කරන ලෙසත් , පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව සීමා කරන ලෙසත් ඔවුන්ගේ සෙසු ඉල්ලීම් අතරට අයත් ය . ලොස් ඇන්ජලීස් නුවර ගුරුවරුන් මෙවැනි විරෝධතාවක නිරතවන්නේ 30 වසරකට පසුවයි. සති ගණනක් පුරා පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් පසු තමන් විරෝධතාවක නිරතවීමට තීරණය කළ බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති.