ජනපතිවරණයකට කල් තිබෙනවා, ජනතා ප්‍රශ්න විසඳන්න - මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු කියති

by Staff writer 15-01-2019 | 8:41 PM
COLOMBO (News 1st) - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටුවේ ය. අද පෙරවරුවේ දළදා සමිදුන් වැඳපුදා ගත් රාජ්‍ය අමාත්‍යවරයා පසුව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් බැහැ දුටුවේ ය. ගෙන ඒමට සූදානම් වන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් අමාත්‍යවරයාගෙන් විමසුවේ ය. මේ අතර අමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් ද බැහැදැක ආශිර්වා ද ලබා ගත්තේ ය. එහිදී මල්වතු හිමියන් පෙන්වා දුන්නේ, ජනතා ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කරන ලෙස ය.