by Staff writer 14-01-2019 | 7:11 PM
COLOMBO (News 1st) - විවිධ හේතු නිසා කන්න කිහිපයක් වගා කිරීමට නොහැකිව පීඩාවට පත් ව සිටි ගොවීන් දැඩි වෙහෙසක් දරා සිදු කළ වගාවන්ට මේ වනවිට දළඹු වසංගගතයකින් දැඩි හානි සිදුවෙමින් පවති.
බෝග වර්ග 100 අධික ප්‍රමාණයකට දැනටමත් මේ සේනා දළඹුවා ලෙස හඳුන්වන මෙම දළඹු වසංගතය ව්‍යප්තවී අවසන් ය.
2018 වසරේ ඔක්තෝබර් මාසයේ මුල්වරට මෙම දළඹු විශේෂය වාර්තා වුනේ අම්පාර දිස්ත්‍රික්කයෙනි.
බඩඉරිඟු වගාව ආශ්‍රිතව මෙම දළඹු විශේෂය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අයුරු ඉකුත් මාස කිහිපයක තුළ දක්නට ලැබුණි.
මෙම දළඹුවන්ගෙන් හානි වූ වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 33,000 කට අධිකයි.
ගොවීන් පත් ව ඇති මෙම ඉරණම නිව්ස්ෆස්ට් ගත වූ සති කිහිපයේ අවස්ථා ගණනාවකදීම අනාවරණය කළේ ය.
තවමත් විසඳුමක් නැති දළඹු වසංගතය නිසා ගොවීන් පත් ව ඇත්තේ දැඩි අසීරු තත්ත්වයකටයි.
පී. හැරිසන් කෘෂිකර්ම ඇමතිතුමණි මේ ඔබගේ අවධානයට...!