දිවයින හරහා සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

දිවයින හරහා සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

by Staff writer 14-01-2019 | 5:30 PM

COLOMBO (News 1st) - දිවයින හරහා සහ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය හෙට රාත්‍රියේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල හා හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල මිලිමීටර් 75 පමණ තද වැසි ඇතිවිය හැකියි. හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එවිට එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකියි. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශ සහ හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් ලබා දෙයි.