by Staff writer 14-01-2019 | 5:04 PM
COLOMBO (News 1st) - ආණවිලුන්දාව - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේදී කැස්බෑ මස් සහ බිත්තර සමග අත්අඩංගුවට ගත් මව සහ දියණියට වසර 2 ක සිරදඬුවම් ලබාදී තිබේ.
ඒ, අද සැකකාරියන් හලාවත මහේස්ත්‍රාත් දිසාවිනිසුරු රකිත අබේසිංහ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, රුපියල් 5000 බැගින් දඩ මුදල් ගෙවන ලෙසයි.
දඩ මුදල් ගෙවීමට සැකකාරියන් අපොහොසත් වන්නේ නම් මාස 06 ක් දක්වා සිරදඬුවම් දීර්ඝ කිරීමට ද රකිත අබේසිංහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
කැස්බෑ මස් කිලෝග්‍රෑම් 25 ක් සහ බිත්තර 211 ක් සමග ඔවුන් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.