by Staff writer 14-01-2019 | 4:39 PM
COLOMBO (News 1st) - නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිතා කරන මාර්ගය හෙට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා වසා තබන බව පොලීසිය පවසයි.
ඒ, නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙනි.
එම කාලසීමාව තුළදී විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.
අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලුම බර වාහන එම කාලසීමාව තුළ පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කළ යුතු බව ද පොලීසිය පැවසුවේ ය.