කටාර් පාපන්දු කණ්ඩායම සුපිරි 16යේ වටයට

කටාර් පාපන්දු කණ්ඩායම සුපිරි 16යේ වටයට

by Staff writer 14-01-2019 | 8:57 AM
COLOMBO (News 1st)  : කටාර් කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. කටාර් කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී  ඊ කාණ්ඩයෙන් තරග කරයි. කටාර් සහ උතුරු කොරියාව අතර තරගය ඊයේ පැවැත්වුණේ, අල් අයින්හි කලීෆා ක්‍රීඩාංගණයේදීයි. තරගයේ 9 වැනි මිනිත්තුවේදී කටාර් කණ්ඩායම ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය. අල්මොඑස් අලී එම ගෝලය වාර්තා කළේ ය. නැවතත් ක්‍රියාත්මක වු ඔහු සිය දෙවැනි ගෝලය වාර්තා කළේ, ඉන් මිනිත්තු 2කට පසුවයි. ඉන් අනතුරුව දෙපිළෙලෙන්ම තියුණු තරගයක් දක්නට ලැබිණ, කෙසේ නමුත් කටාර් කණ්ඩායම සිය තුන්වැනි ගෝලය ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළේ තරගයේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තුවකට පෙරදීයි. ඒ අනුව ගෝල 3ට 0ක් ලෙස කටාර් කණ්ඩායම පළමු අර්ධයෙ පෙරමුණ ගත්තේ ය. දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පසුව කටාර් කණ්ඩායම තම සිව්වැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය. එම කණ්ඩායම වෙනුවෙන් පස්වැනි ගෝලය රැස් කළේ 60 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අල්මොඑස් අලී ය. දෙවැනි අර්ධයේදීද උතුරු කොරියාවට කිසිදු ගෝලක් වාර්තා කිරීමට නොහැකි වූ අතර කටාර් කණ්ඩායම තම 6 වැනි ගෝලය වාර්තා කළේ තරගයේ 68 වැනි මිනිත්තුවේදීයි. මෙම තරගයෙදී අල්මොඑස් අලී ගෝල 4ක් වාර්තා කළේ ය. ඒ සමග එක් වසරක් තුළ ආසියානු කණ්ඩායමක ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ගෝල සංඛ්‍යාව සදහා වන වාර්තාව සම කිරීමට අලී සමත් වුණා. ඒ අනුව කටාර් කණ්ඩායම තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ගෝල 6ට 0ක් ලෙස තරගය ජය ගනිමිනි.