පොලිස්පතිට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

පොලිස්පතිට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

පොලිස්පතිට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

කර්තෘ Staff writer

14 Jan, 2019 | 7:10 am

COLOMBO (News 1st) : පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආරියනන්ද වැලිඅංග මහතා සඳහන් කළේ, කටහඬ සාම්පලයක් ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයා එලෙස කැඳවා ඇති බවයි.

අද උදෑසන 9.30ත් 10.00 ත් අතර කාලසීමාවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි, ඔහුට දැනුම් දී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ප්‍රථම අවස්ථාව මෙය බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආරියනන් ද වැලිඅංග මහතා පැවසුවේ, ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල ලබා ගැනීමට අධිකරණය පසුගිය දා ලබා දුන් අවසරය අනුව අද මෙම කැඳවීම කර ඇති බවයි.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මෙම චෝදනාවට අදාළ රක්ෂිත බන්ධනගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]