හේකිත්තේදී දෙදෙනෙක් මරා දමා වෙඩික්කරුවෝ පළායති

වත්තල, හේකිත්තේදී දෙදෙනෙක් මරා දමා වෙඩික්කරුවෝ පළා යති

by Sagarika Chathumali 13-01-2019 | 4:31 PM
COLOMBO (News 1st) : වත්තල, හෙකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මෝටර් රථයක යමින් සිටි පිරිසකට තවත් මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, 28 හා 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තරුණියක් ද එම මෝටර් රථයේ සිට ඇති අතර ඇයට අනතුරක් සිදුව නැතැයි, පොලිසිය සඳහන් කළේ ය. මියගොස් ඇත්තේ, කොටහේන ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේ ය. කැලණිය ගුම්මා, නමැති කල්ලියේ සාමාජිකයින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැක පළ කරයි. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි මෝටර් රථය මීගමුව දෙසට පලාගොස් තිබේ. https://www.youtube.com/watch?v=o0ftOnMmrLE