by Staff writer 13-01-2019 | 6:17 PM
COLOMBO (News 1st) : මහවැලි ගඟේ නාවලපිටිය ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබේ.
අද දහවල් එලෙස මියගොස් ඇත්තේ, හල්ගොල්ල හපුගස්තලාවේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙකි.
නාවලපිටිය නගරයේ උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් නිවසෙන් පැමිණ ඇති අදාළ සිසුවා තවත් සිසුන් දෙදෙනෙකු සමග මහවැලි ගඟේ දිය නෑමට ගොස් තිබේ.
එහිදී සිසුන් තිදෙනා දියේ ගිලී ඇති අතර මහවැලි ගඟ අසල පෞද්ගලික ඉඩමක ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටි සේවකයන් පිරිසක් ඔවුන් ගොඩට ගෙන රෝහල්ගත කර ඇති අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
රෝහල්ගත කළ සිසුවෙකු නාවලපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අනෙක් සිසුවා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.