මධුරි සහ සංජේ දත් යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති

මධුරි ඩික්සිත් සහ සංජේ දත් යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති

by Staff writer 13-01-2019 | 11:39 AM

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පීන් යුවළක් වන මධුරි ඩික්සිත් සහ සංජේ දත් යළි රිදී තිරයේ පෙම්වතුන්වීමට සූදානම් වේ.

ඒ, අභිෂේක් වර්මන්ගේ කාලන්ක් සිනමා පටයෙනි. මධුරි ඩික්සිත් සහ සංජේ දත්ට අමතරව සොනක්ෂි සිංහා, ආලියා බාත්, වරුන් ධවාන්, ආදිත්‍ය රෝයි කපූර් යන රංගන ශිල්පීන් ඊට රංගන දායකත්වය ලබාදෙනු ඇති. කාලන්ක් සිනමා පටය ලබන අප්‍රේල් මස 19 වැනි දා සිට ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇත.