මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදේ ගිය 15 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදේ ගිය 15 දෙනෙක් අත්අඩංගුවට

by Staff writer 13-01-2019 | 1:57 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුව ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ දවස පුරා සිදු කරන ලද පරීක්ෂා කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 20 - 30 වයස් ඛාණ්ඩවල පසුවන කොළඹ, ගාල්ල හා මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.