නැගෙනහිර පළාතේ ධීවර ජනතාවට අවවාදයක්..!

පොතුවිල් සිට මඩකලපුව තෙක් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට: ධීවරයින්ටත් අවවාදයක්

by Hashini De Mel 13-01-2019 | 10:32 AM

COLOMBO (News 1st) - පොතුවිල් සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 ක් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි. තද වැසි සහ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පස්වරු 6.00 දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බවයි. මේ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට උපදෙස් ලබා දෙයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.