ප්‍රමිතියෙන් තොර පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් පියවර

"ප්‍රමිතියෙන් තොර පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පියවරක් ගෙන නැහැ" - වෘත්තිය සමිතිවලින් චෝදනා

by Staff writer 13-01-2019 | 7:59 AM

COLOMBO (News 1st) - මෙරට පාසල් ආශ්‍රිතව ඇති ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් පියවරක් ගෙන නොමැති බවට වෘත්තිය සමිති චෝදනා කරති.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, මීට පෙරද අමාත්‍යංශය අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූ බවයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අදාළ කාරණය සම්බන්යෙන් ගොඩනැගිලි අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ජා කරන බවයි. මීට අමතරව ප්‍රමිතියෙන් තොර පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් සොයා බලන ලෙස සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. පසුගිය දා අනුරාධපුර පලාගල ප්‍රදේශයේ පාසලක ඉදිකරමින් තිබු ගොඩනැගිල්ලක තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසට වැටීමෙන් 16 හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට පත් විය.