ජනපතිවරණයට සූදානම් බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

ජනපතිවරණයට සූදානම් බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

by Staff writer 13-01-2019 | 8:22 PM
COLOMBO (News 1st) : මෙම වසරේ ජනාධිපතිවරණයකට තමා සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරණයට ජනතාව සූදානම් නම් තමා ද ඒ සඳහා සූදානම් බවයි.
"අද තවමත් මං හිතන්නේ සියයට 60කට ආසන්න ප්‍රමාණයක් අපි දුප්පත් කියන සමාජයේ ඉන්නවා. නමුත් අපි සමාජයක් හැටියට ඇයි අපි ඒ සමාජයේ වඩාත්ම ප්‍රශ්ණය වෙලා තියෙන දුප්පත්කම ගැන කතා කරන්නේ නැත්තේ. අපි ආසියාව බැලුවොත් ආසියාවේ දියුණු වුණ හැම රටකම හැම නායකයකුම රට ගැන ජාතිකත්වය ගැන ජනතාව අතරට ගෙනිහින් තමයි. මං හිත්නේ වඩාත්ම වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණය තේරුම් අරගෙන වෘත්තිකයින් හැටියට අපි ජනතාවගේ ප්‍රශ්න ඒ විදිහට හදුනාගේන රට තුළ තිබෙන ප්‍රශ්න හඳුනාගේ ඒවට අපි ජනතාව තුළ දැනුවත් කිරිමේන් තමයි මම හිතන්නේ අපිට බලාපොරොත්තු වෙන තැනට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වසර මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වසරක්. මේ අවුරුද්දේ අපි දන්නවා. ජනාධිපතිවරණයක් තියන්නට ඕනි. මමනමි එකට ලැස්තියි. ඔබත් ලැස්තිනමි"
ඒ, හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ, ඊයේ කොළඹදී පැවති නව වසරේ වියත්මග වාර්ෂික සුහද හමුව අමතමිනි. https://www.youtube.com/watch?v=yRHNqpji9SA