ගෑස් හා කිරිපිටි මිල ගණන් ඉහළ නගින ලකුණු...

ගෑස් හා කිරිපිටි මිල ගණන් ඉහළ නගින ලකුණු...

by Staff writer 13-01-2019 | 6:39 AM

COLOMBO (News 1st) - ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම් ෆවුසර් මහතා සඳහන් කළේ, ගෑස් සමාගම් දෙකක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති බවයි. ඒ අනුව ඔවුන් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 - 400 ත් අතර අගයකින් ඉහළ නැංවීමට ඉල්ලිම් කර ඇති බව ඔහු පැවසුවේ ය. මේ අතර කිරිපිටි සමාගම් කිහිපයක් මිල ඉහළ නංවන්නැයි කළ ඉල්ලම් ද මේ වනවිට මිල පාලන කමිටුවේ අධීක්ෂණයට යොමු කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. ඔවුන් ඉල්ලිම් ඉදිරිපත් කර ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 - 175 ත් අතර අගයකින් ඉහළ නංවන ලෙසයි.