කැස්බෑවන් මස් කෙරූ කාන්තාවන් දෙදෙනා මාට්ටු

කැස්බෑවන් මස් කෙරූ කාන්තාවන් දෙදෙනා මාට්ටු

by Staff writer 13-01-2019 | 1:33 PM

COLOMBO (News 1st) - ආනවිලුන්දාව - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේදී මස් සඳහා කැස්බෑවන් මරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 25 ක් සහ බිත්තර 211 ක් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය. සැකකාරියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ආනවිලුන්දාව වනජීවී කාර්යාලය වෙත භාරදීමට නියමිත වේ. පසුගිය 10 වන දා ද වංකාලේයිපාඩු ප්‍රදේශයේදී නාවික හමුදාව කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 185 ක් සමග පුද්ගලයෙකු සිය භාරයට ගනු ලැබුවේ ය.