"නැවත රනිල් විපක්ෂ නායක පුටුවට ගේනවාමයි.."

අගමැති රනිල්ට හිමි තනතුර ගැන රංජිත් සොයිසා කියයි...

by Staff writer 13-01-2019 | 7:11 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම නියෝජිත සම්මේලනය ඊයේ පස්වරුවේ පැවැත්විය.

ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ටී.ඒන්.ඒ ජේ.වී.පි ඡන්ද නැත්නම් මේ ආණ්ඩුව අනාතයි. ඒකිනෙකාට ගරු කරන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. සමාජයේ ජනතාව ශක්තිමත් කරන ආණ්ඩුවක් අපි පිහිටුවනවා. පුළුල් බලවේගයක් එක්කහු කරනවා. මේ ආණ්ඩුව ජනතාව රවට්ටමින් ඉදිරියට යන්නේ. රනිල් මංගලා බොරු කියනවා. දවස් 51 දැන් බොරු කියනවා. රත්තරං අශ්වයෝ හොනවා. බිලියන 18 ඒනකම් මං බලන් ඉන්නවා. මෙගේ ඩොලර් බිලියන 18 අරගෙන රට පාලනය කරන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උන්ට ඒකත් බැහැ.
මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා,
අපි භය නැතිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ අපි. අපි ඒ වගකීමෙන් බැහැර වෙන්නේ නැහැ. අපි පොදුජන පෙරමුණ හැදුවේ රනිල් ශ්‍රී.ලං.නි.ප. දීගය නිසා. ජනපති ගැන අපි ඒදා කිව්ව ඒවා අදටත් වලංගුයි. විපක්ෂයේ අපිට ඉන්න බැහැ. විපක්ෂ පුටුව අයිති රනිල්ට. ඒක අපි ළඟදීම දෙනවා.