by Staff writer 13-01-2019 | 7:28 AM
COLOMBO (News 1st) - ගත වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදු වූවාවැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ රාත්‍රි ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනපති හමුව පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදී ය.