'සේනා' මාතරට ව්‍යාප්ත වෙයි

'සේනා' වසංගතය මාතරට ව්‍යාප්ත වෙයි

by Staff writer 12-01-2019 | 6:50 AM

COLOMBO (News 1st) - වසංගතයක් ලෙස ව්‍යාප්ත වන සේනා දළඹු විශේෂය මාතර දිස්ත්‍රික්කයෙන් ද හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පැවසුවේ, තිහගොඩ හා මාලිම්බඩ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවන් තුළින් සේනා දළඹු විශේෂය හමු වූ බවයි. තව ද අනෙකුත් වගාවන්ට මෙම වසංගතය පැතිරීමට පෙර එයට ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රදීප් රත්නායක මහතා පැවසුවේ ය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-PRADEEP-RATHNAYAKE.wav"][/audio]