මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

by Staff writer 12-01-2019 | 7:50 AM

මැසනියාවේ නම උතුරු මැසඩෝනියා ජනරජය ලෙස වෙනස් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලැබී තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනාගෙන් 81 දෙනෙකු මෙම නම අනුමත කර ඇති බවයි. කෙසේවෙතත් මෙය බලාත්මක කිරීමට නම් ග්‍රීක පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ඊට හිමිවිය යුතු වනු ඇත.