සමූහ මිනී වළේ නියැදි ලබන 23 වැනි දා අමෙරිකාවට

මන්නාරම සමූහ මිනී වළේ නියැදි ලබන 23 වැනි දා අමෙරිකාවට

by Staff writer 12-01-2019 | 9:09 AM

COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළෙහි නියැදි ලබන 23 වැනි දා අමෙරිකාව වෙත යැවීමට නියමිතව තිබේ.

එම සමූහ මිනී වළෙහි වෝහාරික කටයුතු භාර මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, එහි කාල නිර්ණය සඳහා එම නියැදි අමෙරිකාවේ විද්‍යාගාරය වෙත යොමු කරන බවයි. මේ දක්වා මන්නාරම සමූහ මිනී වළේ කළ කැනීම්වලින් මිනිස් ඇටසැකිලි 300 ක් සොයා ගෙන ඇතැයි ද මහාචාර්යවරයා පැවසුවේ ය.