බස් ගාස්තු වැඩියෙන් අය කරන්නන් සොයා වැටලීම්

බස් ගාස්තු වැඩියෙන් අය කරන්නන් සොයා වැටලීම්

by Staff writer 12-01-2019 | 11:42 AM

COLOMBO (News 1st) - සංශෝධිත මිල ගණන් යටතේ බස් ගාස්තු අය නොකරන බස් රථ සොයා සතියක් වැටලීම් ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එහි සභාපති තුසිත කුලරත්න මහතා සඳහන් කළේ, බස් ගාස්තු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් අනිද්දා සිට මෙය ක්‍රියාත්මක වන බවයි. මීට අමතරව මෙම සතිය තුළ බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පනවා ඇති කොන්දේසි කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. බස්නාහිර පළාතට අයත් මාර්ග 475 ක පමණ බස් රථ 5500 පමණ ධාවනය වන අතර මගීන්ට යම් අපහසුතාවක් සිදු වන්නේනම් ඒ පිළිබඳව 011 2 860 860 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.