by Staff writer 12-01-2019 | 12:11 PM
COLOMBO (News 1st) - පිළියන්දල, මඩපාත මාර්ගයේ බටකැත්තර ප්‍රදේශයේදී ජීප් රථයක් තව ත් වාහන කිහිපයක ගැටීමෙන් අද අනතුරක් සිදුවිය.
අප වාර්තාකරු පැවසුවේ, ජීප් රථය ත්‍රිරෝද රථයක් යතුරුපැදියක් ඇතුළු වාහන 4 ක ගැටී ඇති බවයි.
ජීප් රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය ජීප් රථයේ දැවටී මීටර් 200 ක පමණ දුරක් ධාවනයවී තිබේ.
අනතුරින් ජීප් රථයේ රියැදුරු තුවාල ලබා සිටින අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනු ඇත.
අනතුරත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක් ද ඇති විණි.