කොළඹදී හෙරෝයින් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

කොළඹදී හෙරෝයින් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 12-01-2019 | 11:19 AM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකදී හෙරෝයින් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ කොම්පඤ්ඤවීදිය වොක්ෂෝල් වීදිය ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 460 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර 38 හැවිරිදි අදාළ සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි. ඊයේ පස්වරුවේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 375ක් සමග තව ත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31 වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බොරැල්ල ටී විස්සවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 750 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බොරැල්ල සීවලිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මේ අතර ඊයේ දහවල් ග්‍රෑන්පාස් ප්‍රදේශයේදී ද හෙරෝයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේ ය.