අම්බලන්තොට පුතෙක් තම පියා ඝාතනය කරයි

අම්බලන්තොට පුතෙක් තම පියා ඝාතනය කරයි

by Staff writer 12-01-2019 | 9:18 AM

COLOMBO (News 1st) - අම්බලන්තොට හා පිළියන්දල යන ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.45 ට පමණ අම්බලන්තොට අරවනමුල්ල, පහළ බැරගම ප්‍රදේශයේදී මල් බඳුනකින් ගසා පුතෙකු විසින් සිය 56 හැවිරිදි පියාව ඝාතනය කර ඇති බවයි. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම ඝාතනයට හේතුවී ඇති අතර ඊට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අතර පිළියන්දල, හැඩිගම අලුත් පාරේ තිබී බෙල්ලේ සහ පපු ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත මළ සිරුරක් සොයා ගෙන ඇත. පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක් ව සිටියදී සොයා ගෙන ඇති බවයි.