by Staff writer 12-01-2019 | 7:10 AM
COLOMBO (News 1st) - සුනඛයින්ගේ අක්ෂි රෝග තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දන්ගල්ල මහතා දැනුම් දෙයි.
ඔහු පැවසුවේ, අලස බැවින් යුක්ත සහ ඇස්වල රෝගී ලක්ෂණ සහිත සුනඛයින් වහාම පශු වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් පරීක්ෂාකරගන්නා ලෙසයි.
ට්‍රිපනසොමා නැමැති රෝගී තත්ත්වයෙන් සුනඛයින් ආරක්ෂා කර ගැනීම සඳහා එම පරීක්ෂාව කරගත යුතුව ඇති බව ඔහු සඳහන් කළේ ය.
බලංගොඩ හා මුලතිව් ප්‍රදේශවල සුනඛයින් දෙදෙනෙකු ට්‍රිපනසොමා නැමැති එම රෝගයට ගොදුරුවී සිටියදී සොයා ගත් බව ඔහු සඳහන් කළේ ය.
ට්‍රිපනසොමා නැමැති එම රෝගය මිනිසුන්ට වැළදීමේ අවදානමක් ඇති බව පැවසු මහාචාර්යවරයා සඳහන් කළේ, එහෙත් මෙරටින් එම රෝගය වැළදුණු පුද්ගලයන් පිළිබදව වාර්තාවී නැති බවයි.
අප්‍රිකාව වැනි රටවල මේ රෝගය බහුලවශයෙන් පවතින බව ද මහාචාර්යවරයා පැවසුවේ ය.