by Staff writer 12-01-2019 | 10:00 PM
COLOMBO (News 1st) - මෙම මොහොතේ රටේ අවශ්‍යතාව නව ව්‍යවස්ථාවක් නොව, මැතිවරණයක් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ පවසයි.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේදී ය.