බස් ගාස්තුත් පහළ යයි ද?

ඉන්ධන මිල පහළ ගියද බස් ගාස්තු පහළ දාන්නේ නැහැ... බස් සංගම්වලින් ප්‍රකාශයක්

by Staff writer 12-01-2019 | 7:36 AM

COLOMBO (News 1st) - ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු පහළ නොදමන බව පෞද්ගලික බස් සංගම් පවසයි.

කෙසේ වෙතත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ ලේකම් ජී. පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන මිල පහළ දැමීමේ සහනය ජනතාවට ලබාදීමට බස් සංගම් පියවරගත යුතු ව ඇති බවයි. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රුපියල් 2.00 කින් පහත දැමීමට රජය පියවර ගනු ලැබුවේ ය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-GEMUNU.wav"][/audio] [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-SARATH-VIJITHA.wav"][/audio] [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-12-CHANDANA-SOIZA.wav"][/audio]