IOC ඉන්ධන මිලත් පහළට

IOC ඉන්ධන මිලත් පහළට

by Staff writer 11-01-2019 | 7:20 AM
COLOMBO (News 1st) - ඉන්දීය තෙල් සමාගමත් පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහළ දමා තිබේ. එම සමාගම සඳහන් කළේ, ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා ඇති බව ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල 131ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150ක් වනු ඇති. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 2කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3කින් පහළ දමා ඇතැයි ද ඉන්දීය තෙල් සමාගම සඳහන් කළේ ය. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 99කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 118කට අලෙවි කෙරෙනු ඇති. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහළ දැමීමට රජය තීරණය කළේ ය. ඒ අනුව රුපියල් 125ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 123කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක් වන අතර මීට පෙර එම වර්ගයේ ප්‍රෙටල් ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 149ක් ලෙස ය. ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 2කින් පහළ දමා තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 99කි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් පහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 118ක් වේ.