by Staff writer 11-01-2019 | 9:38 PM
COLOMBO (News 1st) - සිද්ධාලේප සමුහයේ විශිෂ්ට නිෂ්පාදනයක් වන සුපිරිවිකි දන්තාලේපය, පසුගිය දා චීනයේ පැවැති නවෝත්පාදන සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීය.
එම සම්මානයත් සිද්ධාලේප 85 වැනි සංවත්සරයත් නිමිති කරගනිමින් පසුගිය දා කොළඹදී උත්සවයක් පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අමාත්‍යවරයා සමග සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති දේශබන්දු වෛද්‍යාචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා ඇතුළු නිලධාරීන් කාර්ය මණ්ඩලය සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.
සුපිරිවිකි දන්තාලේපයට මේ විශේෂ සම්මානය හිමිවුයේ, ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන ව්‍යවසායකත්ව ආයතනයක් වන එන්ටර්ප්‍රයිස් ඒෂියා ආයතනය පැවැත්වූ 2018 ජාත්‍යන්තර නවෝත්පාදන සම්මාන උළෙලේදීයි.