by Staff writer 11-01-2019 | 4:57 PM
COLOMBO (News 1st) - මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව තුළ අද උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ, දැනට එම ප්‍රාදේශිය සභාව තුළ හවුලේ බලය පිහිටුවා ඇති එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බවට මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කිරීම හේතුවෙනි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැදිරිගිරිය ප්‍රාදේශ සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 09 දෙනෙකු හා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පත් විය.
ඒ අනුව මෙහි සභාව පිහිටවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්වයි.
නමුත් අද රැස් වූ සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සභාපතිවරයාගෙන් විමසා සිටියේ, ජාතික දේශපාලනය තුළ සිදු ව ඇති පරිවර්ථනයත් සමග තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන්නේ ද යන්නයි.
එහිදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව සභාපතිවරයා සභායෙන් ඉවත්ව ගියේ ය.
අනතුරුව නැවත සභාවට පැමිණි සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට බැන වදිමින් සභාවෙන් පිටව ගියේ ය.
ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අතර ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය විණි.