by Staff writer 10-01-2019 | 9:37 AM
COLOMBO (News 1st) - මෙරට කාන්තාවන් විදේශගතවීම පසුගිය වසරේ 31.7% ක් දක්වා අඩු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශගතවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
2018 වර්ෂයේ විදේශගත වූ සමස්ත ශ්‍රමිකයින් සංඛ්‍යාව 211,502 ක් වන අතර ඉන් 144,531 ක් පිරිමි ශ්‍රමිකයින් වේ.
එම සංඛ්‍යාව විදේශගත වූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් 68.3% කි.
2017 වර්ෂයේ විදේශගත වූ මුළු පිරිමි ශ්‍රමිකයින්ගේ ප්‍රතිශතය දැක්වෙන්නේ 68%ක් ලෙසයි.
ඒ අනුව 2017 වසරට සාපේක්ෂව 0.3% කින් පිරිමි ශ්‍රමිකයින් විදේශගතවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත.
2018 වසරේදී කාන්තා ශ්‍රමිකයින් 66971 දෙනෙකු විදෙස්ගත වී ඇති අතර එය විදෙස්ගත වූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් 31.7% ක ප්‍රතිශතයකි.
2017 වසරේ කාන්තා ශ්‍රමිකයින් 68319 දෙනෙකු විදෙස්ගත වී ඇති අතර එය මුළු ශ්‍රමිකයින් සංඛාවෙන් 32% ක් ලෙස දැක්විය.
ඒ අනුව 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී කාන්තා ශ්‍රමිකයින් විදෙස්ගතවීම 0.3% කින් පහළ ගොස් තිබේ.
මේ අතර ගෘහ සේවිකාවන් වශයෙන් විදෙස්ගත වන ප්‍රමාණය 13% කින් පහළ ගොස් ඇති අතර කටාර් සහ සෞදියේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 2017 වසර සාපේක්ෂව පසුගිය වසරේ අඩු වී ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම කාර්යාංශයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍රිය මහතා පැවසුවේ, සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලට වඩා යුරෝපීය සහ අනෙකුත් රටවල් සඳහා ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ද පසුගිය වසරේ පෙන්නුම් කරන බවයි.