by Staff writer 10-01-2019 | 11:45 AM
COLOMBO (News 1st) - උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාට හා සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය රාජ්‍ය ආයතන දෙකක සභාපති තනතුරුවලට පත්කර තිබේ.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.
ඒ අනුව ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ රෙජිනෝල්ඩ් කුරේ මහතායි.
නිලූකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධූරයට පත් කර ඇත.