දහම් පාසල් පෙළ පොත් මෙතෙක් ලැබී නොමැති බවට චෝදනා

මේ වසරට අදාළ දහම් පාසල් පෙළ පොත් මෙතෙක් ලැබී නොමැති බවට ගුරුවරුන්ගෙන් චෝදනා...

by Staff writer 10-01-2019 | 10:28 AM

COLOMBO (news 1st) - මේ වසරේ දහම් පාසල් දරුවන් සඳහා මෙතෙක් නිසි පරිදි පෙළ පොත් නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත් ව සිටි.

දහම් පාසල් ගුරුවරුන් ප්‍රකාශ කළේ, මේ වසරේ 10 වැනි ශ්‍රේණියට නව විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති බවයි. එම පෙළ පොත් කිසිවක් ලැබී නොමැති බව ද දහම් පාසල් ගුරුවරුන් පෙන්වා දෙති. මේ පිළිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, දහම් පාසල් පෙළ පොත් මුද්‍රණය මෙතෙක් අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි. ඒවා කඩිනමින් මුද්‍රණය කර සිසුන් අතට පත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.