COLOMBO (News 1st) :
Update : කළු හැඳගෙන කළු පටිවලින් මුහුණ ආවරණය කරගත් විරෝධතාකරුවන් පිරිසක් අද පෙරවරුවේ සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණියහ.
අග්‍රාමාත්‍යවරයාගේත් බිමල් රත්නායක මහතාගේත් ප්‍රකාශයෙන් දින 20 කට පසු ඔවුන් මෙලෙස පැමිණියේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට විරෝධය දක්වමිනි.
විරෝධතාකරුවන් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ අද දහවල් 12 ට පමණ ය.
විරෝධතාවට එක්ව සිටින බව කියවෙන පිරිස පිළිබඳව ඔවුන් ප්‍රදර්ශනය කළ බැනරයේ සටහන්ව තිබිණ.
එම පිරිස තමන් හඳුන්වා ගත්තේ,
ශ්‍රී ලංකාවේ කාන්තාවෝ
අලුත් පියාපත්
අලුත් පරපුර
මාරුතයේ හඬ
දිදුලන හදවත
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු
වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
සාධු ජනරාව
නැගී සිටිමු ශ්‍රී ලංකා
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය
අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයින්
සම බිම යන සංවිධානවලට අයත් සාමාජිකයින් ලෙසයි.
මෙලෙස පැමිණි පිරිස ඔවුන් රැගෙන ආ ලිපියක් භාර ගන්නා ලෙසට බලපෑම් කරන්නට විය.
එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ විදර්ශන කන්නන්ගර නමැති අයෙක් අප මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ ය.
මේ පිරිස පසුව මව්බිම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටට ද පැමිණියේ ය.
එහිදී කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් මේ පිරිස මව්බිම කාර්යය මණ්ඩලය පිළිගත්තේ ප්‍රතිවිරෝධයකිනි.
පැමිණි පිරිස එක් පසෙක සංවිරෝධය දක්වද්දි මව්බිම සේවක පිරිස තවත් පසෙක ප්‍රතිවිරෝධය දක්වන්නට විය.
මාධ්‍ය නිදහස් පිළිබඳව කථා කරමින් පැමිණි මේ කණ්ඩායම අතර සිටි මනෝහාරී හේවාවසම් මහත්මිය සිද්ධිය වාර්තාකරමින් සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනාත්මක ලෙසින් ප්‍රතිචාර දැක්වූවා ය.
මව්බිම කාර්ය මණ්ඩලයේ හූ හඬ මධ්‍යයේ විරෝධතාකරුවෝ විසිර ගියහ.
මෙම විරෝධතාකරුවන් අද දවස පුරා විවිධ මාධ්‍ය ආයතන ඉදිරිපිට මෙලෙස හැසිරෙනු දක්නට ලැබිණ.
https://www.youtube.com/watch?v=NLBOn9MaeKw
___________________________________________________________________________
COLOMBO (News 1st) : සිවිල් සංවිධාන නියෝජිතයින් යැයි කියා ගන්නා පිරිසක් මුහුණු ආවරණය කර ගනිමින් පැමිණ News 1st මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිටදී අද අදහවල් විරෝධතාවක නිරත වූහ.
එහිදී අදාළ විරෝධතාකරුවන් අප මාධ්‍ය ආයතනයට කිසියම් ලිපියක් භාරදීමට උත්සාහ කළ අතර එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ, මුහුණු ආවරණය කරගනිමින් පැමිණ සිටි අය අතරින් පිරිසක් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් වෙත තර්ජණය කරන්නට වූහ.
මේ අතර අදාළ කණ්ඩායම සඳහන් කළේ, මේ අයුරින් තමන් සියලු මාධ්‍ය ආයතන වෙත භාරදීම සඳහා අදාළ ලිපිය රැගෙන යන බවයි.
මේ අතර එම අදාළ විරෝධතාව සඳහා අප මූලස්ථාන පරිශ්‍රයට පැමිණි සිටි පිරිස අතර ඊනියා වෙබ් ක්‍රියාකාරීහු ද ඇතුළුව මෙරට මාධ්‍ය විසින් ම ජනතාව ඉදිරියේ ඔසවා තැබූ නළු නිළියෝ, කලාකරුවෝ ද වූහ.
මේ අතර මාධ්‍යට එරෙහි මෙම විරෝධතාව සහ ඔවුන්ගේ හැසිරීම මෙරට සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයින් විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
ඒ අතර විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, ජනාතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ ද වූහ.
නිව්ස් ෆස්ට් අප ඉදිරියේදී මාධ්‍යට එරෙහිව මෙලෙස විරෝධතාවේ නිරතවූවන් සහ ඔවුන් පිටුපස සිටින අදිසි හස්තයන් කවුරුන් ද යන්න රටට හමුවේ හෙළිදරව් කරන බව සඳහන් කළ යුතු ය.
කෙසේ වෙතත් සියලු දෙනා තරයේ අවධාරණය කර ගත් යුතු කරුණ වන්නේ, අනන්‍යතාව සඟවා ගැනීමට මුහුණු ආවරණය කරගනිමින් මෙලෙස මාධ්‍ය ආයතන හෝ සංවිධාන ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වීම කෙතරම් බරපතළ තර්ජනයක් ද යන්නයි.
මෙම කාණ්ඩායම තවත් මාධ්‍ය ආයතන කිහිපයක් වෙත මෙලෙසින් ම පිටත්ව ගොස් ඇති අතර මව්බිම මාධ්‍යවේදීන් අදාළ පිරිසට විරෝධය පෑම හමුවේ ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

https://www.youtube.com/watch?v=T2MM2BgIAjM
https://www.youtube.com/watch?v=VtMGMHeq1Dw
https://www.youtube.com/watch?v=zWm9YH2fvrg