by Sagarika Chathumali 10-01-2019 | 5:30 PM
COLOMBO (News 1st) : දරුවන් ඉලක්ක කර ගනිමින් පාසල් අවට සිදු කෙරෙන විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මුලිනුපුටා දැමීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු අංශවලට උපදෙස් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ සඳහා වන නීති සංශෝධනය කර ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාලනය උදෙසා, රජය මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බවයි.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අමාත්‍යංශ ලේකම්වරු සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු ද එක්ව සිටියහ.