ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 10-01-2019 | 6:11 AM

දේශීය පුවත්

1. රට තුන්බියකට ගොදුරුව ඇතැයි විපක්ෂ නායක කියයි: රට මේ වන විට තුන්බියකට ගොදුරුවී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කළේ ය. 2. ඌවට පත්කළ කීර්ති තෙන්නකෝන්ට දකුණට මාරුවක්: පසුගිය දා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් කීර්ති තෙන්කෝන් මහතා ඊයේ රාත්‍රියේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස යළි දිවුරුම් දුන්නේ ය. 3. කොන්ක්‍රීට් කණුවක් කඩා වටී පාසල් සිසුවෙක් මියයයි: හිස මතට කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් ගලේවෙල ප්‍රදේශයේ පාසලක සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය. 4. රථ වාහන සඳහා අලුත් බද්දක්: මෙම වසරේ ජනවාරි පළමු වන දා සිට රථවාහන සඳහා වන නව කාබන් බද්ද ක්‍රියාත්මක වේ. 5. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට: ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන මාණ්ඩලික ප්‍රධානීයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරිණි.

විදෙස් පුවත්

6. අමෙරිකානු ආණ්ඩුවේ අර්බුද මැද ජනපති ට්‍රම්ප් අද ජාතිය අමතයි: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරට වේලාවෙන් ඊයේ පෙරවරු 7.30ට ජාතිය අමතා ඇත.