by Staff writer 10-01-2019 | 9:54 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි පහත දමා තිබේ.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කෙළ් ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් පහළ දමා ඇති බවයි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 2 කින් පහත දමා තිබේ.
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් තුනකින් ද පහත දමා ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
රුපියල් 125 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 123කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147 ක් වන අතර එහි මීට පෙර පැවති මිල වන්නේ රුපියල් 149 කි.
ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 101 ක් වන අතර එහි නව මිල රුපියල් 99 ක් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
රුපියල් 3 කින් පහත දැමූ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක් වන අතර එය පැවතියේ රුපියල් 121 මිලකටයි.