ශවේන්ද්‍ර සිල්වා හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

by Staff writer 09-01-2019 | 4:57 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන මාණ්ඩලික ප්‍රධානීයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පත් කෙරිණ. ඔහු මීට පෙර කටයුතු කළේ, යුද හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල්වරයා ලෙසයි. මීට අමතරව ගජබා රෙජිමේන්තුවේ - රෙජිමේන්තු අධිපති - ලෙස ද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළේ ය. කීර්තිමත් හමුදා නිලධාරියෙකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා  58, සේනාංකාධිපති ලෙස කටයුතු කළ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවට ද අණ දෙනු ලැබී ය. 1984 වසරේ මාර්තු මස 05 වනදා ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරී නිලයට පත්විය. 2010 - 2015 අතර කාලය තුළ රාජ්‍ය තාන්ත්‍රික සේවයට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා නිව්යෝර්ක්හි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලෙස සේවය කළේ ය.