'පප්පා' මාලිගාවත්තේදී CCD අත්අඩංගුවට

'පප්පා' මාලිගාවත්තේදී CCD අත්අඩංගුවට

by Sagarika Chathumali 09-01-2019 | 3:24 PM
COLOMBO (News 1st) කොළඹ අපරාධ කොට්ඨාසය අපරාධ රැසකට සම්බන්ධ 'මොහොමඩ් සල්මාන් රිල්වාන්' සහ 'පප්පා' යන අන්වර්ථ නම්වලින් හඳුන්වන බමුණු ආරච්චිගේ දුමින්ද නමැති සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මාලිගාවත්තේදී අත්අඩංගුවට පත් වූ 28 හැවිරිදි සැකකරු කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය තෙවන දා අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අධිකරණය අවසර දී තිබේ. ප්‍රශ්න කිරීම්වලදී ඔහු අපරාධ රැසකට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිසිය පැවසී ය. පසුගිය ජුලි 08 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවිදීය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම, අගෝස්තු 26 වන දා මාලිගාවත්තේදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියේදී එම යතුරු පැදිය පැදවීම , අගෝස්තු 30 වන දා මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාර්ගයේදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු ඝාතන හා වෙඩි තැබීම් රැසක්  ඒ අතර වේ.