දිවි පරදුවට තබා දරු පවුල රැක ගත් අභීත පියා තමාට සහය වූ මිනිසුන් ගැන කී කතාව...

by Staff writer 09-01-2019 | 8:00 AM

COLOMBO (News 1st) - මහනුවර යටිනුවර විදීයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ හටගත් ගින්නට හේතුව පිළිබඳ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ, පිළිස්සුණු දේපොළ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකළ බවයි. එස්. රාමරාජ් සිය පවුලේ සාමාජියන් සමග පදිංචිව සිටි මහනුවර යටිනුවර විදීයේ සිව්මහල් ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගත්තේ ය. නගරයේ රැස්ව සිටි විශාල පිරිසක් ඔහුට සහයවීමට එක් වූ අතර සිව්වන මහලේ සිට සිය දරුවන් තිදෙනා පිටතට විසිකිරීමට ඔහුට සිදුවිණි. ඒ අනුව වයස අවුරුදු තුන හමාරක්වන බාලම පුතුත් අනතුරුව 7 හැවිරිදි පුත්‍රයාත් ඊට පසුව 8 හැවිරිදි වැඩිමහල් දරුවාත් පහළ රැදී සිටි පිරිස දෙසට විසිර අතර රාමරාජ් තම බිරිඳ ඉවතට ගැනීමට යාමේදී අතින් ගිලි ගිය ද පහළ රැස්ව සිටි ජනතාව ඇයව ආරක්ෂිතව අල්ලාගෙන ඇත. අදත් ගිනන් ඇති වූ ස්ථානයට ගිය නිව්ස්ෆස්ට් වාර්තාකරුට මේ ජීවිත ගලවා ගැනීමට එක් වූ මිනිසුන් පිරිසක් හමුවිණි.