හිටපු ජනපතිනිය හමු වූ විජයමුණි

by Staff writer 08-01-2019 | 8:11 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ. සැමරුම් උත්සවය අද පැවැත්වුණේ, කොළඹ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ ය. උදෑසන එහි පැමිණි ජනාධිපතිතුමා බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව ලග්ගල නව නරගරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වීම සඳහා පිටත්ව ගියේ ය. පසුව ආරම්භ වූ සමරු උත්සවයට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් ඇතුළු පවුලේ සාමාජිකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීහු සහභාගී වූහ. උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණ සිටි දේශපාලනඥයින් සමග සුහද කතාබහක ද නිරත වනු දක්නට ලැබිණි.