by Staff writer 07-01-2019 | 12:12 PM
COLOMBO (News 1st) - ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ අද පෙරවරුවේ සිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඊට හේතුවී ඇත්තේ දින කිහිපයක සිට පැවති සේවක විරෝධය අද තවදුරටත් උත්සන්නවීමයි.
ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු දෙදෙනෙකු අද උදෑසන ආයතනයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ සේවක පිරිසක් ඊට දැඩි විරෝධය පළකළහ.
ස්වාධීන රූපවාහිනි සේවයේ ස්ථාවර තැන්පතුවෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි පවසමින් දින කිහිපයක සිට එම ආයතන සේවක පිරිස විරෝධය පළ කරනු ඇති.
ඒ අතරින් 13 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට පසුගිය දින පියවර ගෙන ඇත.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එම ස්ථානයට පොලීසිය හා කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති බවයි.