by Staff writer 07-01-2019 | 5:57 PM
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රතිසංවිධානයට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් අද පත් කෙරිණ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එම කමිටුවට ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත් ,මහාචාර්ය ඩී.බී.පී.එච් දිසා බණ්ඩාර, වී. කනගසභාපති, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න යන මහත්වරුන් ඇතුළත් වන බවයි.
ඊට අමතරව මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරු වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද කමිටුවට ඇතුළත් වෙති.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ කටයුතු පිළිබඳව පසුගිය 04 වන දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට අනුව අද දින මෙම කමිටුව පත් කෙරිණ.
ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් අද සිට මෙම කමිටුවට භාරදීමට සියලු පාර්ශවවලට අවස්ථාව හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
සති දෙකක කාලයක් තුළ කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.
එම නිර්දේශ සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි තීන්දු තීරණවලට එළැඹෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.