"එ.ජා.පයට අද ඇතුළෙත් අර්බුද පිටතත් අර්බුද"

"මේ ඒකාධිපතිකම එක්සත් ජාතික පක්ෂයේ පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ" - විදුර වික්‍රමනායක

by Staff writer 07-01-2019 | 7:38 AM

COLOMBO (News 1st) - හොරණ නගර මධ්‍යයේ පිහිටි බෝධින් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනක් වෙළෙඳ ප්‍රජාව විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක දැක්වූවේ මෙවන් අදහසකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, විදුර වික්‍රමනායක,
මේ රජය අද බරපතළ අපහසුතාවයකට පත්වෙලා තියෙනවා අද දොලපිදේනී දීම සඳහා. ඒ එක දොලපිදේනියක් තමයි ව්‍යවස්ථාව. දෙවනි දොලපිදේනිය තමයි ඇමතිකම්. ඉතින් මේවා දීලා රටක් ගෙනියන්න බෑනේ. අපි කාටද හරිනම් වගකියන්න ඕනේ? වගකියන්න ඕනේ ජනතාවට. එක්සත් ජාතික පක්ෂයට අද ඇතුළෙත් අර්බුද පිටතත් අර්බුද. ඒ හින්දා තමයි ඡන්දවලට යන්න බය. ඒ හින්ද තමයි ඔය ඇමතිකම් ඉල්ලලා ප්‍රසිද්ධියේ අද ඇමතිවරු කීදෙනෙක් කියනව ද මට තියෙන්නේ බෝඩ් ලෑල්ල විතරයි, මේ ඇමතිකමේ තිබිච්ච කෑළි ටික ගලවලා වෙනතැනකට දීලා. ඔය ආදී වශයෙන් කීදෙනෙක් මැසිවිලි කියනව ද? මේ ඒකාධිපතිකම එක්සත් ජාතික පක්ෂයේ පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ