"පක්ෂයේ විනය ගොඩනැගීමට පියවර ගන්නවා"

පක්ෂයේ විනය ගොඩනැගීමට පියවර ගන්නවා - නිදහස් පක්ෂ මහ ලේකම් කියයි

by Staff writer 07-01-2019 | 11:11 AM

COLOMBO (News 1st) - පක්ෂයේ විනය ගොඩනැගීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පැවසුවේ, ඒ පිළිබඳ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ මහනුවර ප්‍රදේශයේ කළ සංචාරය කළේ ය. එහිදී මාධ්‍යවේදීන් නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ප්‍රශ්න කිහිපයක් ද යොමු කළේ ය.