නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙක් දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

by Staff writer 07-01-2019 | 2:37 PM

COLOMBO (News 1st) - නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්හ.

ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදු වූ අතර ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා දිවුරුම් දුන්නේ ය. ඔහු මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධක්ෂක ධුරයේ ඇතුළු සිවිල් සංවිධාන රැසක කටයුතු කළ අයෙකි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ මහජන ප්‍රතිපත්ති අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාර්යවරයෙකු ලෙස කටයුතු කරන ධම්ම දිසානායක මහතා ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේ ය. ආචාර්ය සුරේන් රාඝවන් මහතා දිවුරුම් දුන්නේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි. ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම පර්යේෂකයෙකු ද වන අචාර්ය සුරේන් රාගවන් මහතා විශ්වවිද්‍යාල කථිකාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේ ය. මේ අතර නව ආණ්ඩුකාරවරුන් ලෙස පසුගිය දා දිවුරුම් දුන් සරත් ඒකනායක මහතා සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහත්වරු ද අද සිය ධුරයන්හි වැඩ භාරගත්හ.